Tharindu Dilshan Korala
チャンネル登録者数 1.33万人
1149 回視聴 ・ 7いいね ・ 2019/07/12
English Name - White Throated #Kingfisher
Sinhala Name - Laya Sudu Pilihuduwa | ළය සුදු පිළිහුඩුවා
Scientific Name - Halcyon smyrnensis
පිළිහුඩුවා කියා අප හැම අමතන මෙම කුරුල්ලා සූර දඩයක්කාරයෙකි. ලංකාවේ ඉන්නා පිළිහුඩු විශේෂ හත අතුරින් දිවයින පුරාම දැකගන්න පුලුවන් පුළුල් වයාප්තියක් තියෙන කුරුල්ලා මොහුයි. සිංහලෙන් මෙම පක්ෂියාගේ වඩා නිවැරදි නම ළය සුදු පිළිහුඩුවායි. ඉංග්‍රීසියෙන් White throated kingfisher. මෙම නම ලැබීමට හේතුව මෙම පිලිහුඩුවාගේ ළය එනම් පපුව ප්‍රදේශයේ සුදු පැහැති කැපී පෙනෙන පැල්ලමක් පිහිටා තිබීමයි. මෙම පිලළිහුඩුවා විද්‍යාත්මකව හඳුන්වන්නේ Halycon smyrnensis යනුවෙනි. ළය සුදු මැදි පිළිහුඩුවා අයත් වන්නේ #Coraciformes ගෝත්‍රයේ #Alcedinidae කුලයටයි. නිවෙස් අද්දර ටීවී ඇන්ටනා මත හා පාරවල් අයිනේ විදුලි හා දුරකතන රැහැන් මත වැනි ඉහළ ස්ථානවල මෙම කුරුල්ලා උදේ සිට හවස් වනතුරු දවසේ ඕනැම වෙලාවක දැකගත හැකියි. මෙසේ ඉන්නා අතරම තමාගේ ලාක්ෂණික නාදයෙන් හැඬලීම සිදුකරයි. පියාසැරියේදීද ලැගීමේදීද නාද කිරීම සියළු පිළිහුඩුවන්ගේ සිරිතකි. බොහෝ වේලා එකම තැන ලැග සිටීමත් ඉතා විමර්ශනශීලීව මුළු පරිසරයම නිරීක්ෂණයෙන් පසුවන මෙම කුරුල්ලා අප ඔහු දෙස එක එල්ලේ බලා සිටී නම් හෝ පමණට වඩා ඌට ලංවේ නම් අප මඟහැර පියාඹා යයි. ඒ උගේ තියුණු දෘෂ්ටියට අපගේ චලනයන් හා ඇසෙහි දිලිසුම දර්ශනය වී අනතුරු අඟවන නිසා විය යුතුය. පිළිහුඩුවන් බොහෝවිට දඩයම් සඳහා ලැග සිටින්නේ හුදෙකලාවය. ඇතැම් විට සුවැදි සමයේ දෙදෙනෙකුද කලාතුරකින් එකම ස්ථානයේ තුන්දෙනෙකුද වසා සිටින අවස්ථා දැකගත හැක. මොවුන්ගේ ගැහැණු පිරිමි සතුන් වෙන්කර හඳුනාගත නොහැක්කේ උන් එකම ආකාරය ගන්නා බැවිනි.ළය සුදු මැදි පිළිහුඩුවා ජලාශ්‍රිත පරිසර පද්ධතිම ඇසුරු නොකරන්නෙක් බව අප හොඳින් දන්නා කරුණකි. එමනිසා උන් ගන්නා ආහාර උන් වසන පරිසරය මත තීරණය වේ. වැව්,ගංඟා වැනි ජල මූලාශ්‍ර ආශ්‍රිතව වෙසෙන මෙම විශේෂයේ පිළිහුඩුවෝ බොහෝවිට මසුන් මතද පොදුවේ මෙම විශේෂයේ සියල්ලෝම පළගැටියන් වැනි විශාල කෘමීන් හා ගැඩවිලුන්,කටුස්සන්,කුඩා සර්පයින් ආදීන් මතද යැපේ. ගොදුරක් අල්ලාගත් විට අදාළ ගොදුර ලැග සිටින අත්තේ තදින් ගසමින් අඩපණ කර ගිල දැමීමක් සිදුකරයි. සුවැදි සමයේදී මොවුන් කැදලි තනා බිජුලන්නේ පස් කණ්ඩියක හෝ ඉවුරක දළ බෑවුමේ තිරස්ව හාරාගත් බෙනයකය. - 3rd Eye Photography (Face Book)
නිල් පාටින් දිදුලන මේ පක්ෂියා ඊයක් මෙන් ජලය තුළට කඩාවැද නැවතත් ගුවනට ඉගිළෙන්නේ තම හොටෙහි මත්ස්යයෙකුවත් රඳවාගෙනයි. ශරීරයට සාපේක්ෂව විශාල හිසක් හා හොටක් ඇති වර්ණවත් පිළිහුඩුවාව අප කාගෙත් මතකයට එන්නේ එලෙසයි. සියලුම පිළිහුඩුවන් මසුන්ව ආහාරයට ගන්නා බව අප සිතුවත් එය එසේ නොවෙයි. සමහර වර්ග ප්‍රිය කරන්නේ කටුස්සන්, සර්පයන් හා කකුළුවන් වැනි සතුන්ටයි. එමෙන්ම ගුවනේ සිටින කෘමීන්ව ආහාරයට ගැනීමටද උන් කැමතියි. ලොව පුරා සිටින පිළිහුඩු විශේෂ අතරින් ජලාශ්‍රිතව ජීවත් වන්නේ උන්ගෙන් තුනෙන් එකක් වැනි සංඛ්‍යාවක් පමණයි. උන්ගේ වාසභූමි හැටියට නිවර්තන ඝන වනාන්තර, කොරල් දූපත් හා කාන්තාර සඳහන් කළ හැකියි. කාන්තාර ප්‍රදේශවල වෙසෙන පිට රතු පිළිහුඩු විශේෂය ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තරයට වෙන්න දැකගත හැකියි.
පිළිහුඩුවන් මසුන් දඩයම් කිරීමට උපන් හපන්නු. සාමාන්‍යයෙන් මාළුවෙක් ජලයේ සිටින විට ඌ සිටින නිවැරදිම ස්ථානය ගොඩබිමේ සිට නිෂ්චය කරගැනීම අපහසුයි. නමුත් මෙම පක්ෂියාට නම් ඒ සඳහා සහජ හැකියාවක් තිබෙනවා. ඒ නිසා අසල අත්තක සිට ඉතා ඉවසිල්ලෙන් ගොදුර වෙත කුරුමානම් අල්ලන මේ පක්ෂියා එකවරම තටු ගසමින් තම වේගය වැඩි කරගෙන ගොදුර වෙත කඩාවදියි. මාළුවා සිටින්නේ ජලය මතුපිටට ආසන්නයේ නම් ක්ෂණිකව ඌව අල්ලාගනියි. එසේ නොවන විටදී තම අත්තටු පිටුපසට කරගෙන ඊයක් මෙන් වේගයෙන් ජලය තුළට කිමිදෙයි. එක් පොතක ඒ ගැන මෙසේ සඳහන් වුණා. “තම ඉලක්කය වෙතට නිවැරදිවම ගමන් කිරීමට උන්ට ඇති හැකියාව ඇත්තෙන්ම සුවිශේෂයි.” උන්ට එකවර එක් මාළුවෙකුට වඩා අල්ලාගැනීමේ හැකියාවක්ද තිබෙනවා! සමහර ශීත ප්‍රදේශවල ගංඟා මත තිබෙන තුනී අයිස් තට්ටු පවා පසාරු කරගෙන යමින් ගොදුරු සොයන පිළිහුඩුවන්ව සමහරුන් දැක තිබෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිටින නිල් පිළිහුඩුවන්ද කුඩා ජලජ ජීවීන්ව ගොදුරු කරගන්නා බව වාර්තා වෙනවා.
The Life of Birds.
කැදලි තැනීම
සහකාරියක් සෙවීමේදී උන් හැසිරෙන ආකාරය ඇත්තෙන්ම සිත් ඇදගන්නාසුලුයි. සමහර විශේෂ ඒ සඳහා කරන්නේ ඇය පසුපස වේගයෙන් පියඹා යෑමයි. ඉන්පසු ඌ තම කූඩු තැනීමේ හැකියාව ඇයට විදහා පෙන්වනවා. එමෙන්ම තමන් ඇයට සුදුසුම සහකරු බව ඔප්පු කිරීම සඳහා කිරිල්ලියට රසවත් අහරක් කැවීමද එහි තවත් අංගයක්.අනිකුත් කුරුල්ලන්ට වඩා පිළිහුඩුවන් සාදන කූඩු වෙනස්. සමහර විශේෂ ඒ සඳහා ගං ඉවුරක හෝ අගලක උමඟක් හාරාගන්නවා. එසේ නැත්නම් හාවන් විසින් හෑරූ බෙන හෝ ගස් බෙන තෝරාගන්නවා.
උන් ගං ඉවුරුවල කූඩු හැටියට ගුල් සාදාගන්නේ අඩි දෙකක් හෝ තුනක් දිග උමඟක් හෑරීමෙනුයි. ඒ සඳහා උන් වේගයෙන් පැමිණ ගං ඉවුරේ තම හොට හප්පමින් කුහරය සාදන්න පටන්ගනියි. ඒ නිසා ආරම්භයේදී නම් එය පහසු කාර්යයක් නොවෙයි. ඉන් උන්ට හානි සිදු විය හැකි අතර මරණයට පවා පත් විය හැකියි. නිව් ගිනියාවේ නිවර්තන වැසි වනාන්තරවල සහ ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ වෙසෙන පාරාදීස පිළිහුඩුවා බොහෝවිට වේ හුඹස් හාරා තම කූඩුව තනනවා. පෙනෙන විදිහට වේයන් ඒ ගැන කලබලයට පත් වන්නේ නැහැ. පිළිහුඩුවන් කූඩුව අත්හැර ගිය පසු නැවතත් උන් එහි අලුත්වැඩියා කටයුතු පටන්ගනියි.
පැටවුන් රැකබලා ගැනීමද උන්ට දුෂ්කර කාර්යයක්. එක් ජෝඩුවක් තමන්ගේ ආහාරවලට අමතරව තම පැටවුන් පස්දෙනා සඳහා දිනකට මාළුන් 60ත් 70ත් අතර සංඛ්‍යාවක් ගෙන ආ බව අප්‍රිකාවේ එක් පුද්ගලයෙක් නිරීක්ෂණය කළා. එක් අවස්ථාවකදී පැටවුන් එළියට එන්න දින හතරකට කලින් කුරුලු මව මිය ගියත් පියා උන්ව හොඳින් රැකබලා ගත් බව වාර්තා වෙනවා. තවත් සමහර පිළිහුඩු විශේෂයන්වල සිටින වැඩුණු පැටවුන් තම දෙමාපියන් නැවත බිත්තර දමන විට ඒවා රැකීමටත් පැටවුන් පැමිණි පසු උන්ව රැකබලා ගැනීමටත් උපකාර කරනවා.
コメント
使用したサーバー: directk
コメントを取得中...